ගැනුම්කරුවෙකු වීම

01). ගැණුම්කරු වර්ග

A) සාමාන්‍ය ගැණුම්කරු

  • ඔබට සාමාන්‍ය පරිදි නිෂ්පාදන මිලදී ගත හැකිය.

B) සාමාජිකත්ව ගැණුම්කරු

  • ගැණුම්කරුගේ අයදුම්පත පිරවීමෙන් පසු සාමාජික ගැණුම්කරුවකු විය හැකිය. එය සම්පූර්ණයෙන්ම නොමිලේය.
  • තොග වෙළදාමේ නිරත හෝ මිලදී ගැනීමේ ව්‍යාපාරයක් කරන හෝ ආනයන අපනයනය කරන පාර්ශවයන්ට බෙහෙවින් උපකාරී වේ.
  • කල්තියා ඔබේ අවශ්‍යතාවය විවිධ විකුණුම්කරුවන්ට එකවර දැනුම්දීමේ හැකියාව.
  • ඔබේ කෝටේෂන් අප හරහා විකුණුම්කරුවන් රාශියකට එකවර යැවිමේ හැකියාව.
  • විකුණුම්කරුවන්ගේ කෝටේෂන් ඔබට ලබාදීමේ හැකියාව.
  • විශේෂ මිළ ගණන් කැදවීම්.
  • ඕනෑම කෙනෙකුට ලියාපදිංචි විය හැකිය, නමුත් අපගේ සේවාව සීමාසහිත විය හැකිය.

2). එක් ගැණුම්කරුවෙකුට එක ගැනුම් ගිණුමක් පමණි.

  1. ගැණුම්කරුවෙකු ලෙස එක් ගැණුම් ගිණුමක් පමණක් නිර්මාණය කළ හැකිය.
  2. අප සමඟ ලියාපදිංචි වීම සදහා ඔබට හිමි ජාතික හැදුනුම්පත් අංකය හෝ ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය භාවිතා කල හැකිය.
  3. ඔබ ලියාපදිංචි නොකළ අයකු නම් ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ, රියදුරු බලපත්‍රයේ හෝ ඔබේ නම යටතේ ඇති බිල්පතක් එවිය යුතුය.
  4. වෙනත් පුද්ගලයකුගේ හැදුනුම්පත් (N.I.C) අංක හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිතා කල නොහැකිය. එය අවභාවිතව තුළින් ඔබව තහනම් කිරීමට හේතු විය හැක.

3). ගිණුම් අක්‍රීය කිරීම

  1. කිසියම් වංචාවක් මගින් ඔබගේ ගිණුම දැනටමත් ස්ථිරවම අවහිර කර ඇත්නම්, වෙනත් ගිණුමක් නැවත නිර්මාණය කිරීමට එකම හැඳුනුම්පතක් හෝ වෙනත් නමක් භාවිතා කිරීමට ඔබ ඉඩ නොදේ.
  2. බහු ගිණුම් – වංචා සහ වැරදි වැළැක්වීම සඳහා, පරිශීලකයින් එක් ක්‍රියාකාරි ගිණුමකට සීමා වේ.
  3. මාර්ගෝපදේශ මග හැරීම, තරඟකාරී වාසි ප්‍රවර්ධනය කිරීම, අපගේ අභ්‍යන්තර පද්දතිය තුළින් නොවෙන තෙවන පාර්ශවිය ගැටළු ඇති කර ගැනීම, විකුණුම්කරුවන් සමග එක්වී අකටයුතුකම් හා නොමඟ යැවීම් කරන ඕනෑම ගැණුම්කරු ගිණුමක් අක්‍රීය කරනු ලැබේ. එයින් අදාළ සියලු විකුණුම් ගිණුම් ද අක්‍රීය විය හැකිය.
  4. ඔබගේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය සදහා අප නිරන්තරයෙන් පද්දතිය තුළ ඔබේ ගිණුම යාවත්කාලින කරනු ලබයි (Follow up & Update).

4). නිෂ්පාදන භාණ්ඩ සෙවීම

  1. ඔබට විවිධ කාණ්ඩ වලට අයත් විවිධ වර්ගයේ නිෂ්පාදන ගෙවත්ත.කොම් හි මුල් පිටුවෙන් සොයාගත හැකිය, නැතිනම් සෙවුම් මෙනුවේ ටයිප් කරන්න.
  2. ඔබට නිෂ්පාදන කාණ්ඩවල විශාල ලැයිස්තුවක් බැලීමට සියලු කාණ්ඩ මත ක්ලික් කර ඒවායින් තෝරා ගත හැකිය.
  3. ඔබගේ අවශ්‍යතාවයටම සෙවීම සදහා ‘Advance Option’ බොත්තම ක්ලික් කර එහි ඇති විවිධ මෙනු උපයෝගී කර ගන්න.
  4. ඔබේ නිෂ්පාදනය මෙහි අඩංගුව නොපවතී නම් ඔබට මිලදී ගැනුම් කෝටේෂන් එකක් අප වෙත යොමු කල හැකිය.

5). මුදල් ගෙවීම

  1. භාණ්ඩ මිලදී ගැනීමට නම් ඇණවුම් කරන අවස්ථාවේදීම අදාල සම්පුර්ණ ගාස්තු ගෙවිය යුතුය.
  2. ඔබේ අතට භාණ්ඩ ලැබෙන තුරු ඔබේ ගෙවීම් සුරක්ෂිත වේ.
  3. ඔබ භාණ්ඩ මිලදී ගැනීමට පෙර අභ්‍යන්තර විකුණුම්කරු සමග සාකච්චා කර මිල ගණන්, ආපසු යැවීම්, භාණ්ඩ හානිවීම් පිළිබද එකගතාවයක් ලබා ගන්න. විකුණුම්කරු එය කඩකළ විට ඔබට ආපසු ගෙවීම් සලකා බලනු ලැබේ.
  4. මෙහිදී ඔබ අප මගහැර අපෙන් පරිභාහිරව ගෙවීම් කටයුතු සිදු කරන්නේ නම්, නියමයන් උල්ලංගනය කිරීම යටතේ ඔබේ ගිණුම තහනම් කිරීමට එය හේතුවක් විය හැකිය.
  5. ඔබ ආනයනය කරන්නේ නම්, ඔබට ණයවර ලිපි භාවිතා කළ හැකිය.
  6. ඔබට භාණ්ඩ ලැබුණු පසු අත්පිට ගෙවීම් හෙවත් C.O.D අදාළ වන්නේ නිශ්චිත භාණ්ඩ කිහිපයකට පමණි.
  7. විවිධ ගෙවීම් ක්‍රම, මුදල් ගෙවීමේ සිමාව හා වෙනත් සිමාවන් සදහා ‘‘ ගෙවීම් ’’ පිටුවට පිවිසෙන්න.

6). ඇණවුම් අවලංගු කිරීම

  1. අවලංගු කිරීම අදාළ වන්නේ ඒ ඒ තත්වයන් අනුවය.
  2. සැපයුම්කරු ඔබේ නිෂ්පාදනය ආරම්භ කිරීමට සූදානම් වන විට ඔබට අවලංගු කළ නොහැක.
  3. සැපයුම් කරු බෙදාහැරීමට සුදානම් වන මොහොතේ ඇණවුම් අවලංගු කළ නොහැකිය.
  4. විකුණුම්කරුට නියමිත වේලාවට නිෂ්පාදනය කිරීමට නොහැකි නම්, ඔබට අපට දැනුම් දිය හැකිය.
  5. සාධාරණ හේතුවක් රහිතව භාණ්ඩ අවලංගු කල විට අප ආපසු මුදල් නොගෙවනු ලබයි.
  6. ඒ ඒ විකුණුම්කරු අනුව අදාල අවලංගු කිරීමේ ක්‍රම භාවිතා කරන අතර මිළදී ගැනීමට පෙර ඔහුගෙන් විමසන්න.
  7. ඔබට යම් ඇණවුමක් වෙනස් කමක් කිරීමට ඇත්නම් එය සැපයුම්කරු සමග අභ්‍යන්තර එකගතාවයකට පැමිණිය යුතුය.
  8. ඔබේ ඇණවුම අවලංගු වීමේදී කිසියම් පාඩුවක් විකුණුම්කරුට සිදු වේ නම් ඔබේ ඇණවුම් අවලංගු නොකෙරේ. නැතහොත් විකුණුම්කරුගේ අභ්‍යන්තර
    එකගතාවය අවශ්‍ය වේ.

7). හානි හා අලාභ

  1. විකුණුම්කරුගේ අසාර්ථකත්වය නිසා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදු වූ අලාභ හෝ හානිවලට ගෙවත්ත.කොම් ලෙස අප වගකිව යුතු නැති බව කරුණාවෙන් සලකන්න.
  2. ඔබේ සියලු නිෂ්පාදන විවිධ සැපයුම්කරුවන් විසින් සිදුකරන බැවින් අප කිසිදු භාණ්ඩයක් පරික්ෂා හෝ නිරීක්ෂණය නොකරයි. භාණ්ඩ විකුණුම්කරු විසින් ඔබට ඍජුව සපයනු ලබයි.
  3. මිලදී ගැනීම ඔබේම අවදානමකි. ඔබට විකුණුම්කරණ ආරක්ෂාවක් නොදැනෙන්නේ නම් කිසියම් සැපයුම්කරුවකු සමග එම මිලදී ගැනීම් සඳහා නොයන්න.
  4. අප සැමවිටම අභ්‍යන්තර සාකච්ඡා කරන මෙන් පවසන්නේ විකුණුම් කරුගෙන් සිදුවිය හැකි අක්‍රමිකතා නැති කිරීම සදහාය. කිසියම් අක්‍රමිකතාවයක් සිදු වූ විට අප මෙම සාකච්චා අවධානයට ලක්කරනු ලබන්නේ ඉදිරි ගැනීම ක්‍රියාමාර්ග ගැනීම සදහාය. කිසියම් තීරණයක් ගැනීම සදහා විනිවිද භාවය සියලු පරිශීලකයන්ට ඉතා වැදගත්ය.
  5. අපගේ සැපයුම් කරුගෙන් සිදු වූ අපහසුතාවයට ඔබට සමාලෝචන පද්ධතිය භාවිතා කර අන් අය දැනුවත් කළ හැකිය.

8). ආපසු එවීම

  1. කරුණාකර ඔබේ භාණ්ඩ ආපසු ලබා දීම ගැන විකුණන්නා සමඟ කතා කරන්න.
  2. විකිණුම්කරු ප්‍රතිලාභ භාර නොගන්නේ නම් ඔබට පිරිවැය දැරීමට සිදුවේ.
  3. බෙදා හැරීමේ හෝ නැව් ගාස්තු කිසිදු අවස්ථාවක ආපසු ගෙවනු නොලැබේ.
  4. විකුණුම්කරු ආපසු එවීම් පිළිගන්නේද යන්න නිෂ්පාදන පිටුවේ පිරිවිතර කරුණාකර පරීක්ෂා කරන්න.

පැමිණිලි භාවිතය

1). සමාලෝචන/ Reviews

  1. ඔබේ අයිතමය විස්තර කරන ආකාරයටම නොවේ නම්, ඔබට විකුණුම්කරුගේ නිෂ්පාදනය පිළිබඳ සමාලෝචන කළ හැකිය, එවිට අනෙක් අය ඔබගේ සමාලෝචන ඔහුන්ගේ මිලදී ගැනීම් සදහා අනුගමනය කරයි.
  2. ඔබ විකුණුම්කරුවෙකුගේ ආධාරකරුවෙකු හෝ කාර්ය මණ්ඩලයක් ලෙස සමාලෝචනයක් කළ නොහැක, එවිට ඔබගේ ගිණුම තාවකාලික හෝ ස්ථිරවම තහනම් වේ.
  3. ඔබට විකුණුම්කරුගේ නිෂ්පාදන පිළිබඳ තරඟකරුවෙකු ලෙස සමාලෝචනයක් ඉදිරිපත් කළ නොහැක, එවිට ඔබගේ ගිණුම තාවකාලිකව හෝ ස්ථිරවම තහනම් වේ.
  4. සෑම කෙනෙකුගේම ප්‍රයෝජන සඳහා සාධාරණ අපක්ෂපාති සමාලෝචන පමණක් අප ඉදිරිපත් කරන්නෙමු.
  5. අවශ්‍ය වූ විට ඔබේ සමාලෝචන සදහා පිළිගත් සාක්ෂි තිබිය යුතුය.

2). පැමිණිලි සහ වෙළඳ ආරවුල් ගොනු කරන්නේ කෙසේද

  • ඔබගේ ගැටලුව සම්බන්ධයෙන් වහාම අපට විද්‍යුත් තැපෑලක් එවන්න.
  • සාක්ෂි සඳහා ලේඛන, ඡායාරූප, තිර දර්ශන, වාර්තා, වීඩියෝ තබා ගන්න.

3). අපට කළ හැක්කේ කුමක්ද?

  1. අපි වහාම ඔබේ ප්‍රශ්නය පරීක්ෂා කර අදාළ විකුණුම්කරුට දැනුම් දෙනු ලැබේ.
  2. වැරැද්ද සාමාන්‍ය දෙයක් නම්, අප ඔහුගේ වැරැද්ද නිවැරදි කරන ලෙස විකුණුම්කරුට දැනුම් දීමක් කරන්නෙමු.
  3. වැරැද්ද සැළකිය යුතු ගැටළු නම්, ඇතැම් විට අපි විකුණුම්කරුවෙකු ලෙස තාවකාලිකව තහනම් කරන්නෙමු.
  4. වැරැද්ද බරපතල, වංචනික, හිතාමතාම වැරදියට, නීති විරෝධී, සාපරාධී යනාදිය නම්, ස්ථිරව සමස්ථ පද්දතියෙන් තහනම් කරන අතර අදාළ නීතිරීති අනුගමනය කිරීමට සහය දෙමු.

4) තුන්වන වන පාර්ශවයේ තොරතුරු සැපයීම.

  • ගැනුම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා, අපි විකුණුම්කරුවන්ගේ පුද්ගලික තොරතුරු තබා ගන්නෙමු, කෙසේ වෙතත් අපි ඒවා ගැනුම්කරුවන් සඳහා හෙළි නොකරන්නෙමු, කිසියම් නීතිමය ගැටළුවක් සිදුවුවහොත් අප අදාළ නීති අධිකාරියට පමණක් ලබා දෙන්නෙමු.
  • විකුණුම්කරුගේ පුද්ගලික තොරතුරු ඉල්ලා ඔබ අපට කිසිදු අනවශ්‍ය බලපෑමක් කළ නොහැක, ඔබ එසේ ඉල්ලන්නේ නම්, ඔබේ ගැනුම්කරුගේ අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • ඔබට විකුණුම්කරුගේ ගැටළුවක් ඇත්නම් විකුණුම්කරුට එරෙහිව ඍජුව නීති ක්‍රියාමාර්ග ගත හැකිය.

5) පැමිණිල්ලක් විසඳීමට කොපමණ කාලයක් ගතවේද?

එය ගැටළුව මත රඳා පවතී.

6) ගෙවත්ත.කොම්හී ලැයිස්තුගත කර ඇති විකුණුම්කරුගේ නිෂ්පාදන වලට එරෙහිව ඔබට පැමිණිලි කළ හැකිද?

නෛතික අධිකාරියක්, වැරදි ප්‍රකාශන, හිමිකම් ගැටළු (Copy Rights), ව්‍යාජ, හොරකම් කරන ලද නිෂ්පාදන තිබේ නම් අදාළ තොරතුරු අප වෙත දැනුම් දිය යුතුය. අපි ඉවත් කරන අතර එය විකිණීමට ඉඩ නොදෙමු.

7) විකුණන්නා ප්‍රතිචාර නොදක්වන්නේ නම් කුමක් කළ යුතුද?

  1. ගෙවත්ත.කොම්හී ගනුදෙනුකරුවන්ට අදාළ සැපයුම්කරුවන් සමඟ ඍජුව අභ්‍යන්තරව සම්බන්ධ කරනු ලබයි.
  2. ඇතැම් නිෂ්පාදන පිළිබද විකුණුම්කරුවන් තොරතුරු යාවත්කාලින කරන්නේ නැත, එහෙත් එය පද්දතිය තුළ විකිණීමට පෙන්නුම් කරනු ලැබයි. එවන් අවිනිශ්ච්චිත තත්වයන් තුළ විකුණුම්කරුගෙන් අභ්‍යන්තරව අසා මිලදී ගැනීම් කරන්න.
  3. මිලදී නොගත් භාණ්ඩ සදහා ඕනෑම විකුණුම්කරුවකුට ඔබට ප්‍රතිචාර නොදක්වා සිටිය හැකිය. ඒ සදහා අප මැදිහත් නොවෙමු.
  4. දෝෂ සහිත භාණ්ඩ වලට සැපයුම්කරු ඔබට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, පැමිණිලි පෝරමය පුරවා අපට දන්වන්න. කෙටි කාලයක් තුළ අවශ්‍ය විසඳුම් විකුණුම්කරුගෙන් ලබා දීම අප කටයුතු කරනු ලබයි. එය ධනාත්මක හෝ ඍණාත්මක විය හැකිය.

8) උල්ලංගනයන්

වැඩි විස්තර සඳහා කරුණාකර පැමිණිලි, පැමිණිලි විසඳීම, අවහිර කරන්නන්, රහස්‍යතා ප්‍රතිපත්තිය, නියමයන් සහ කොන්දේසි බලන්න.

Main Menu