ඔබගේ පුද්ගලික ගිණුම

  • ආයතනය සමග ඍජු සම්බන්ධතා ඇති කිරීමට මෙම තොරතුරු පුද්ගලිකව භාවිතා කරයි. විකුණුම්කරු ලෙස අප සමඟ ඕනෑම ව්‍යාපාරයක් කිරීමට නම් ඔබගේ පුද්ගලික විස්තර සම්පූර්ණ කළ යුතුය. මෙම විස්තර භාහිර සමාජයට නිරුපණය නොවේ.
  • කරුණාකර සත්‍ය තොරතුරු පමණක් සපයන්න, විකුණුම්කරුවෙකු ලෙස සාවද්‍ය තොරතුරු සැපයීම ගිණුම අක්‍රීය කිරීමට හේතුවක් වනු ඇත.
  • විහිලුවට හෝ වංචා කිරීමේ අරමුණින් එන සියලු විකුණුම්කරුවන්ගේ ගිණුම් සදාකාලික අක්‍රීය කරනු ලැබේ. ඒ තුළින් ඔබට ගැණුම්කරුවකු ලෙස ද අප සමග සම්බන්ධ වීමට ඉඩකඩ ඇහිරෙනු ඇත.
  • තොරතුරු සෑදීම සදහා ‘Setting ‘- සැකසුම වල්ට යන්න ඉන්පසු ‘ Membership – සාමාජිකත්වය ‘ Click කරන්න
පින්තූරය – Avatar

ඔබ පිළිබඳ පැහැදිලි පින්තූරයක් අනිවාර්යෙන් එකතු කළ යුතුය (හිස් ආවරණ සහ හිස්වැසුම් නොමැතිව). පින්තූරය හා ලබා දී ඇති නම එකම පුද්ගලයාගේ විය යුතුය. ඔබ සමාගමක් නම් ඔබේ ලෝගෝ එක දමන්න.

පළමු නම – First Name

හැදුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ පරිදි පළමු නම ලියන්න.

අවසාන නම – Last Name

ඔබේ අවසාන නම ලියන්න

විද්‍යුත් තැපෑල ** E – mail

ඔබගේ නම සහ හැඳුනුම් අංකය යටතේ ඔබගේ ගිණුම අනුමත වූ පසු විද්‍යුත් තැපෑල දැනටමත් භාවිතා කර ඇත. එබැවින් ලියාපදිංචි වීමට ඉල්ලුම් කරන විට ඔබේ නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරන්න. ඔබට විද්‍යුත් තැපෑල වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඔබට නව විකුණුම්කරුවෙකු ලෙස නැවත අයදුම් කිරීමට අවශ්‍ය වනු ඇත.

මුරපදය – Password

ඔබ කැමති හොද මුරපදයක් භාවිතා කරන්න.

ඔබ ගැන – About

ඔබ හෝ ආයතනය පිළිබද, ඔබේ තත්වය, ඔබේ ව්‍යාපාරය, ඔබේ නිෂ්පාදන ලියන්න, ඔබට විශේෂ යමක් කීමට, ලිවීමට ඇත්නම්, දැනුවත් කිරීමට ඇත්නම් කරුණාකර එහි දැනුම් දෙන්න.මෙය ආයතනික ප්‍රොයෝජනය සදහා පමණි, බාහිර පාර්ශවයන්ට විවෘත නොවේ.

ලිපිනය – Address

තාවකාලික ලිපිනය සහ ස්ථිර ලිපිනය යන දෙකම භාවිතා කරන්න, ඔබේ බිල්පත ඕනෑම අවස්ථාවක මෙම ලිපිනය යටතේ ලැබෙනු ඇත. ආයතනයක් නම් ආයතනයේ ලිපිනය ලියන්න.

සාමාන්‍ය සැකසුම – General Setup

ඔබේ ව්‍යාපාරයහි S.E.O සදහා විශේෂ වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් තිබේ නම්, ඔබට එය දැමිය හැකිය, මෙය අනිවාර්ය නොවේ. උදාහරණ. හොඳම නිෂ්පාදකයා, ශ්‍රී ලංකාවේ හොඳම කුළුබඩු සැපයුම්කරු යනාදිය.

සමාජ මාධ්‍ය

ඔබේ සමාජ මාධ්‍ය ලින්ක් ඔබට අවශ්‍ය නම් තැබිය හැකිය (ලින්ක් එකේ ලිපිනය, කොපි පේස්ට් කරන්න), කෙසේවෙතත් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඔබේ සමාජ ගිණුම් භාහිර සමාජයට විවෘත නොකරයි.

සත්‍යාපනය – Verify

ඔබේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය හෝ ඔබේ නම යටතේ පිටපත් බිල්පතක් උඩුගත නොකළේ නම් * – කරුණාකර එය එවන්න, ඉන්පසු අප ඔබව මෙහි අනුමත කරනු ලැබේ.

සාමාජිකත්වය Membership

  • මෙහිදී ඔබගේ සාමාජික සැලැස්ම සහ එහි විශේෂාංග දැක ගත හැකිය.
  • ඔබේ සැලැස්ම තනිවම වෙනස් කිරීමට අවශ්‍ය නම්, නව සාමාජික සැලැස්මක් සඳහා ඔබ මෙහි පැමිණිය යුතුය.
  • ඔබට ඕනෑම වේලාවක ඔබේ සාමාජිකත්වය යාවත්කාලීන කළ හැකිය. ඉන්පසු එම දිනයේ සිට වසරක් සඳහා වලංගු වේ.
  • මෙහි ඔබේ සැලැස්මෙහි ආරම්භකළ දිනයේ සිට අවසාන වන දක්වා පෙන්වනු ලබයි.

උපකරණ පුවරුව සැකසීම කෙටි පැහැදිලි කිරීම.

Dashboard Setting: ප්‍රධාන පුවරුව සැකසීම.

මෙහිදී ප්‍රධාන පුවරුව හෙවත් ඔබේ වෙළදසැලේ ඇති විශේෂාංග බලමු. ඔබගේ සාමාජික සැලැස්ම මත සමහර විශේෂාංග ඔබට පෙන්නුම් නොකරේ.

  1. Store Manager. – වෙළදසැල් කළමනාකරු – ඔබගේ සියලුම වාර්තා මෙහි ස්වයංක්‍රීයව දර්ශනය වේ.
  2. Notification. – දැනුම්දීම – ලැබෙන සියලුම විස්තර සහ ඇණවුම් මෙහි පෙන්වනු ඇත.
  3. Inquiry Board. – විමසීම් මණ්ඩලය – ඔබේ ඇණවුම් සඳහා ගැනුම්කරුවන්ගෙන් අභ්‍යන්තර පණිවිඩ මෙහිදී දිස්වෙනු ඇත.
  4. Announcement. – නිවේදනය – පරිපාලක වන අප විසින් එවන ලද නිවේදන මෙහි පෙන්වනු ඇත.
  5. Knowledge base – දැනුම පදනම. – මෙහි ඔබේ වෙළදසැලේ සියලුම තොරතුරු ඇතුළත් වේ.
  6. Profile. – පැතිකඩ – ඔබගේ පුද්ගලික, ලිපිනය, සමාජ මාද්‍ය ගිණුම්, සාමාජිකත්වය, සත්‍යාපන තොරතුරු මෙහි සංස්කරණය කළ හැකිය. ඔබේ සාමාජික සැලැස්ම වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබ මෙහි පැමිණිය යුතුය.
  7. Home. – මුල් පිටුව – එය ඔබේ වෙළඳසැලේ ප්‍රධාන තිරයයි.
  8. Media. – මාධ්‍ය – ඔබගේ සියලුම අන්තර්ජාලයට එකතු කරන ඡායාරූප මෙහි දැක්වේ.
  9. Articles. – ලිපි – ඔබේ නිෂ්පාදන හා ව්‍යාපාරය ප්‍රචාරණයට කිරීමට අවශ්‍ය නම් චායාරුපයක් සමග එහි විස්තර මෙහි සදහන් කල හැකිය. මෙය ගූගල් සෙවුම් සහ එස්.ඊ.ඕ තාක්ෂණය සඳහා සැබවින්ම උපකාරී වේ.
  10. Products. – නිෂ්පාදන – ඔබට අලුත් නිෂ්පාදනයක් අපගේ ජාලයට එක්‍ කිරීමටත් පවතින නිෂ්පාදන සංස්කරණය කිරීමටත් ඔබ මෙහි පැමිණිය යුතුය.
  11. Order. – ඇණවුම – ඔබට ලැබෙන සියලු ඇණවුම් මෙහි සටහන් වන අතර එය කළමනාකරණය කිරීමට ද හැකිය.
  12. Payments. – ගෙවීම් – ඔබගේ සියලු ගෙවීම්, ඉදිරියට පවතින ගෙවීම් සහ ඇණවුම් ගෙවීම් අවලංගු කිරීම් මෙහි දැක්වේ. ඔබට සාක්ෂි ලෙස පීඩීඑෆ් ලෙස බාගත හැකිය. ගෙවීමක් කළ පසු සියලුම ගෙවීම් ස්වයංක්‍රීයව සටහන් වේ.
  13. Coupon. – කූපන් – ඔබ වට්ටම් හෝ කූපන් දීමනාවක් ලබා දෙන්නේ නම්, එය සංස්කරණය කිරීම මෙහිදී සිදු කල හැකිය.
  14. Customers. – ගනුදෙනුකරුවන් – මෙහිදී ඔබේ බෙදාහැරීම් සඳහා ඔබේ ගනුදෙනුකරුවන්ගේ විස්තර සටහන් වේ. කෙසේ වෙතත් ගනුදෙනුකරුවන් කළමනාකරණය කළ හැක්කේ අප ආයතනයට  පමණි.
  15. Refund. – මුදල් ආපසු ගෙවීම – මෙහිදී, ඔබගේ ඇණවුම සඳහා මුදල් ආපසු ගෙවීමේ විස්තර පෙන්වවනු ලබයි.
  16. Add to my store. – මගේ වෙළද සැලට එක් කිරීම – මෙහිදී අන් අයගේ වෙළද භාණ්ඩ ඔබේ වෙළඳසැලට එක් කර විකිණිය හැකිය.
  17. Setting. – සැකසුම – මෙහිදී ඔබට ඔබේ ගිණුම ඔබට කැමති ලෙස සැකසුම් කළ හැකිය. ගෙවත්ත ඩොට් කොම් සමඟ ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබ පළමුව සෙටින්ග් වෙත ගොස් ‘ස්ටෝර් ’ මෙනුව තෝරන්න. ඉන්පසු ඔබේ ව්‍යාපාරයට අදාල විස්තර එහි පුරවන්න.
  18. Ledger Book. – ලෙජර් පොත. – මෙහිදී සියලු ගනුදෙනු පෙන්වයි. එය බැංකුවේ ගිණුමකට  හා සමානය.
  19. Report. – වාර්තා. – මෙහිදී ඔබට සියලු ගනුදෙනු තීරු ප්‍රස්ථාමය ආකාරයෙන් දැකිය හැකිය.
  20. – සමාලෝචන. – ගනුදෙනුකරුවන් ඔබේ නිෂ්පාදන පිළිබඳ සමාලෝචන කරන ආකාරය මෙහිදී ඔබට සොයාගත හැකිය.
  21. Delivery Person. – බෙදා හැරීමේ නියෝජිතයා. – ඔබේ බෙදාහැරීමේ සේවාවන් කළමනාකරණය කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබට මෙම විකල්පය භාවිතා කළ හැකිය. එහිදී ඔබට බෙදාහැරීමේ පුද්ගලයන් එකතු කල හැකිය.
  22. Staff. – කාර්ය මණ්ඩලය – ඔබට පරිගණක දැනුම අඩු නම් හෝ පරිගණකය සදහා වෙලාවක් නොමැති නම් ඔබගේ නියෝජිතයන් හා සේවකයන් මෙහිදී එක් කල හැකිය. එනම්  ඔබේ පවුලේ සාමාජිකයෙකු, මිතුරෙකු හෝ ඔබේ සමාගමේ  කාර්ය මණ්ඩලය එක් කළ හැකිය. ඔබේ කාර්යමණ්ඩලයට  අවශ්‍ය හා අවශ්‍ය නොවෙන සියලු සැකසුම් හා මැදිහත් වීම් ඔබට ස්වාදීනව මෙහි පාලනය කල හැකිය.
  23. Analytics. – විශ්ලේෂණ – මෙහි දැක්වෙන්නේ ගනුදෙනුකරුවන් ඔබේ වෙළදසැල වෙත ප්‍රතික්‍රියා කරන ආකාරයයි. කොපමණ වාර ගණනක් පැමිණියේද , කුමන රටවල්, කලාපය, ප්‍රාන්ත, ඔවුන් සොයන නිෂ්පාදන, ඔවුන් සොයන ආකාරය මෙම විශ්ලේෂණ මෙනුව තුළින් සොයාගත හැකිය.
  24. Followers. – අනුගාමිකයන් – පාරිභෝගිකයන් හට ඔබේ වෙළදසැල අනුගමනය කළ හැකිය, ඔවුන්ට ඔබේ නිෂ්පාදනවල නව යාවත්කාලීන කිරීම් මෙහිදී ලබාගත හැකිය. ඔබට අවශ්‍ය නැතිනම් ඔබට අනුගාමිකයන් ඉවත් කල හැකිය.
  25. Chat Box. – කතාබස් – මෙහිදී ඔබට ගනුදෙනුකරුවන් සමඟ අභ්‍යන්තරව ඍජුව කතාබස් කළ හැකිය, ඇතැම් අවස්ථාව වල විවිධ හේතුන් නිසා අප සම්බන්ධතා තොරතුරු බෙදා ගැනීමට අපි ඉඩ නොදෙමු, ඔබ අභ්‍යන්තර ක්‍රමයෙන් බැහැරව ඔබ කිසියම් නීති රීති උල්ලංගනය කරන්නේ නම්, ඔබගේ ගිණුම අක්‍රීය වීමට හේතු විය හැක.
  26. Support. – සහාය – ඔබට පරිපාලකගේ සහාය අවශ්‍ය නම්, ඔබට මෙම විකල්පය භාවිතා කළ හැකිය.
  27. Logout. – ඉවත්වීම – ඔබේ වෙළඳසැලෙන් මොහොතකට ඉවත් වීමට ඔබට මෙම විකල්පය භාවිතා කළ හැකිය. යළි අවතීරණ වීමට සෑම අවස්ථාවකම ඔබට OTP කෝඩ් එක භාවිතා කිරීමට අවශ්‍ය විය හැකිය. ඔබගේ පරිපාලක විද්‍යුත් තැපෑලට මෙම OTP කෝඩ් එක ලැබෙනු ඇත. ඔබ එය සොයා මෙහි තැබිය යුතුය. ඔබගේ පරිපාලක විද්‍යුත් තැපෑල වෙනස් කිරීමට අවශ්‍ය නම් නව සාමාජික ගිණුමක් නැවත නිර්මාණය කිරීම අවශ්‍ය වේ. එබැවින්, ඔබ භාවිතා කරන පරිපාලක විද්‍යුත් තැපැල් ලිපිනය හෙවත් Admin Email ලිපිනය පිළිබද දැනුවත් වන්න.
  28. Gross sale in this month – මාසයක් සඳහා මුළු පිරිවැටුම මෙහි දැක්වේ.
  29. Earning in this Month – අපගේ ගාස්තු අඩු කිරීමෙන් පසු ඔබට ලැබෙන මුදල සමස්ථ මුදල.
  30. Sold In this Month – මාසය තුළ විකුණන ලද මුළු නිෂ්පාදන ප්‍රමණය මෙයින් දැක්වේ.
  31. Received orders in this month – අවලංගු කිරීම් ඇතුළුව මෙම මාසයේ සමස්ථ ඇණවුම් ප්‍රමාණය.

 

Main Menu