ආදායම් ඉපයීම


ගැනුම්කරුවන්, විකුණුම්කරුවන්, සැපයුම්කරුවන්, ආනයනකරුවන් සහ අපනයනකරුවන් හට විවිධ ආකාරවලින් උපයා ගැනීම හා මිලදී ගැනීම සම්බන්ධ කිරීම සඳහා අප මෙම ඩිජිටල් වෙළඳපොළ ජාලය නිර්මාණය කළෙමු. එමඟින් ඔවුන්ගේ නිෂ්පාදන විකිණීමට, ඔවුන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට, ඔවුන්ගේ පවත්නා ව්‍යාපාරය විදේශ වෙළඳපොළට ව්‍යාප්ත කිරීමට හෝ අප සමඟ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙමගින් උපකාරී වේ. පරිශීලකයින්ට පහත දැක්වෙන ක්‍රම වලින් උපයා ගත හැකිය.

1. විකිණීම
2. ප්‍රති -විකිණීම
3. අපනයනය
4. බෙදාහැරීම
5. නාස්තිය විකිණීම

විකිණීම

එනම් තනි පුද්ගල, සුළු පරිමාණ හා මහා පරිමාණ නිෂ්පාදන අපේ ගැනුම් කරුවන්ට විකිණීමෙන් ආදායම් උපයා ගත හැකිය. අපගේ ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් සඳහා ඔබට නිවසේ, කඩේ, වෙළදසැලේ, අවන්හලේ , හෝටලයේ, ආයතනයේ හෝ කර්මාන්ත ශාලාවේ සිටම ඍජුව අලවි කර ගත හැකිය. උදාහරණ වශයෙන් නිවසේදී, ආපනශාලාවේදී, හෝටෙල්දී හෝ නිෂ්පාදනාගාර තුලදී ආහාර පාන සාදා අපගේ ජාලගත වෙළදපොල තුල විකිණිය හැකි වේ. ඊට අමතරව ඔබේ අතිරික්තත හෝ නාස්ති විය හැකි ගෙවතු පලතුරු, එළවළු, ධාන්‍ය , මල්පැල ආදිය ඍජුව විකිණීමට හැකිය.

අපි ඔබේ කලාත්මක නිෂ්පාදන සඳහා ද අපගේ ජාලයහි අවස්ථාවක් ලබාදී ඇත. එය අත්කම්, චිත්‍ර ඇඳීම, ලිවීම, ගායනය, සංගීතය, වීඩියෝ, ඡායාරූප, හෝ ඔබ විසින් සාදන ලද ඕනෑම කලාත්මක නිෂ්පාදන මෙහි අලවිය සදහා ඉදිරිපත් කළ හැකිය.

ඔබේ නිශ්පාදන දේශීය හා විදේශීය වෙළඳපල ද ඉලක්ක කළ හැකිය. අපි හොඳම නිෂ්පාදනය තෝරාගෙන ලොව පුරා නොමිලේ ප්‍රවර්ධනය කරන්නෙමු. වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ ‘නිෂ්පාදන මාර්ගෝපදේශ’ පිටුව බලන්න.

ප්‍රති-විකිණීම

අපගේ වේදිකාව භාවිතයෙන් ඔබට මිලදී ගැනීම සහ නැවත විකිණීම කළ හැකිය. ඔබට අපගේ ලැයිස්තුගත සැපයුම්කරුවන්, විකුණුම්කරුවන්, නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගෙන් මිලදී ගත හැකි අතර එය ඔබේ ගමේ, නගරයේ, කලාපයේ හෝ රට තුළ නැවත ප්‍රති-විකිණීම කළ හැකිය. ඊට අමතරව, ඔබ විදේශයක ජීවත් වන අතර වෙනත් රටක දේශීය නිෂ්පාදන ඔබ ජිවත් වන රටේ සාප්පු, ආපනශාලා, හෝටල් සහ එහි සමාගම් වෙත සපයා අදායමක් ලබා ගත හැකිය. එසේම, ඔබ කිසියම් රටකින් රටකට සංචාරය කරන්නේ නම් ඔබට රටවල් 2ක තුළම අපගේ ජාලය හරහා ප්‍රති-විකිණීම කල හැකිය.

අපනයනය

ඔබේ ව්‍යාපාරය ලෝකයේ විවිධ රටවල් වලට ව්‍යාප්ත කීරීමට ඔබ බලාපොරොත්තු වන්නේද, නැතහොත් පවතින අපනයන ව්‍යාපාරය නව අපනයන කළාප, වෙළදපොළවල් හෝ නව ව්‍යාපාරික අවස්ථා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි නම් ඔබට අපත් සමග අපනයනකරුවකු ලෙස ලියා පදිංචි විය හැකිය. මේ සදහා අපගේ පද්දතිය තුළින් අපනයන මිල හා ක්‍රියාවලිය ඍජුව විදේශීය පාරිභෝගිකයාට ලබා ගත හැකි වන ලෙස අපගේ පද්දතිය තුළින් වැඩි දියුණු කර ඇත. ඔබ කළ යුත්තේ අපගේ පද්ධතියේ අදාළ නිෂ්පාදන සහ අපනයන සැකසුම් සකස් කිරීම පමණි. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ ආනයනකරුගේ භාණ්ඩ ලැබෙන තුරු මුදල් සුරක්ෂිත වීමත්, අපනයනකරුට මුදල් ගෙවූ පසු නිෂ්පාදන සකස් කිරීමට අවස්ථාව ලැබීමත්ය. එවිට ආනයනකරුට හා අපනයනකරුට දෙගිඩියාවකින් තොරව තම ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු පහසුවෙන් කල හැකි වීමයි. ඒ සදහා තාක්ෂණික මැදිහත්වීම අප විසින් සිදු කරනු ලබයි.

ඔබ කුමන රටකට අපනයනය සිදු කරත් යුරෝපීය සම්මත ගුණාත්මකභාවය සහ ඇසුරුම්කරණ ක්‍රම පවත්වා ගත යුතු බව කරුණාවෙන් සලකන්න. භාණ්ඩ, ප්‍රතික්ෂේප වීම්, ආපසු ඒවීම්, හානි පුරණය හා අනෙකුත් විස්තර පිළිබද දැනුවත් කිරීම් ඔබගේ ගිණුම තුළින් පාරිභෝගිකයාට දන්වන්න.
 
 
 
 

බෙදාහැරීම

අපගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බලපාන ප්‍රධාන බාහිර මුලිකාංගයක් වනුයේ බෙදාහැරීම හා සැපයුම් සේවා කළමනාකරණයයි. එනම් නියමිත වේලාවට නිවැරදිව භාණ්ඩ නිවැරිදි පාරිභෝගිකයන් වෙත ලබාදීමයි. එහිදී බෙදාහැරීම පාර්ශව 03 කට සිදු කල හැකිය.

1. විකුණුම්කරු විසින්ම පාරිභෝගිකයාට බෙදාහැරීම
2. අප ආයතනය විසින්ම බෙදාහැරීම.
3. තුන්වන පාර්ශවයක් විසින් බෙදාහැරීම.

මෙහිදී විකුණුම්කරුට නොමිලේ හෝ යම්කිසි මුදලකට යටත්ව බෙදාහැරිය හැකි අතර එසේ නැතිනම් ඔබට අපත් සමග එක්වී බෙදාහැරීමේ ව්‍යාපාරයක් කළ හැකිය. තෙවන පාර්ශවිය බෙදාහැරීමේ නියෝජිත ආයතනයක් නම් ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතා අප වෙත දැනුම් දී අපත් සමග බෙදාහැරීමේ ජාලය පුළුල් කළ හැකිය.

වැඩි විස්තර සඳහා logistic@gewattha.com වෙත විද්‍යුත් තැපෑලක් එවන්න.

නාස්තිය විකිණීම

ප්‍රයෝගික ලෝකයේ සෑම නිෂ්පාදනයක්ම විකිණීමට අපහසු අතර තවද ඔබේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සමහර කොටස් ඔබට අවශ්‍ය නොවිය හැකිය, එවිට එය නිෂ්පාදන නාස්තියක් ලෙස ඉවත දැමිය යුතුවේ. එසේ වුවද, මෙම නාස්තිය භාවිතා කරමින් නිෂ්පාදන කළ හැකි කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකි නමුත් ඔබ විකුණන්නේ කාටදැයි ඔබ නොදනී. අබලි ද්‍රව්‍ය විකිණීම සඳහා අපගේ වේදිකාවේ තුළ ඉඩ ලබා දී ඇත්තේ එබැවිනි. එය නාස්තිය හා පරිසර හානි අවම කිරීමට ද හේතුවක් විය හැකිය. ඔබට අවශ්‍ය වන්නේ අපගේ ජාලයේ දැන්වීමක් දැමීම වන අතර එවිට ඔබට එම නාස්තිය සාධාරණ මිලකට අලෙවි කළ හැකිය. ඔබ විසි කළහොත් ඔබට කිසිදු සතයක් හෝ නොලැබෙන නමුත් අපගේ වේදිකාවට සම්බන්ධ වූ පසු ඔබට නාස්තියෙන්ද ප්‍රයෝජන ගත හැකිය.

Main Menu