රැකියා හා සීමාවාසික පුහුණු

වෘත්තීය

ලංකා ඊ ප්ලට්ෆොර්ම් සමඟ වෘත්තිය රැකියාවක්

ජාත්‍යන්තර කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට එක්වන්න

වෙනස් වන ලෝකයේ ඔබ අප හා සමග වැඩ කිරීමට උනන්දුවක් දක්වන්නේ නම් එය අප අගය කරන්නෙමු . ඉලක්ක දිනා ගැනීම සඳහා ඔබේ උනන්දුව අපි අගය කරමු. අප සොයන සෑම අයදුම්කරුවකුගේ මුලික සුදුසුකම් වලට අමතරව ‘අවංකත්වය, ගෞරවය, අලුත් දෙයක් ඉගෙන ගැනීමට ඇති ආශාව, වගකීමෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත, නම්‍යයශීලිත්වය, කාර්යයේ ගුණාත්මකභාවය, මට පුළුවන් යන හැගීම, විනෝදාංශ රාශියක් ඔබ සතුව පැවතීම, මිත්‍රශීලි, බව යනාදිය අස්පෘශ්ය නොවන ගුණාංග අපි සොයන්නෙමු.

රැකියා අවස්ථා

වර්තමාන රැකියා අවස්ථා

දත්ත ඇතුළත් කිරීම - ගැහැණු

අප පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරුවන් සොයනු ලබයි. අප විසින් පරිවාස කාලය තුළ දත්ත සටහන් කිරීමේ පුහුණුවක් ලබා දෙන අතර ඔබට පරිගණක, සිංහල සහ ඉංග්‍රීසි ලේඛන පිළිබඳ මූලික දැනුමක් ඔබට තිබිය යුතුය.

තොරතුරැ තාක්ෂණය

අපගේ පරිගණක අංශයට විවිධ හැකියාවන් ඇති නුපුහුණු පරිගණක තාක්ෂණික වේදීන් බදවා ගනු ලැබේ. ඔබ නිතරම නව තාක්ෂණය පිළිබද යාවත්කාලින තත්වයකින් සිටිය යුතුය.

නීතිය

අප ආයතනයේ නීතිමය තත්වයන් පවත්වාගෙන යෑම සදහා වාණිජ නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන නීති ශිෂ්‍යයෙකි අප සොයයි. මෙය අර්ධකාලීන රැකියාවකි.

කාර්යාල සහයක

ආයතනයේ එදිනෙදා කාර්යාල කටයුතු පවත්වා ගැනීම සඳහා කාර්යාල සහායකයකු සොයන්නෙමු.

දුරකථන ක්‍රියාකරුවන්

අපගේ දුරකථන සේවාවන් සඳහා දුරකථන ක්‍රියාකරුවන් සොයන්නෙමු. ඔබට අවම මට්ටමේ ඉංග්‍රීසි, සිංහල සහ පරිගණක දැනුම තිබිය යුතුය.

ව්‍යාපාර සංවර්ධකයින් - විදේශීය

ඔබ වෙනත් රටක සිටිනම් ඔබේ රටේ හෝ ඔබේ ප්‍රදේශයේ ව්‍යාපාර සංවර්ධකයෙකු ලෙස අර්ධකාලීනව කටයුතු කිරීමට ඔබට කැමති නම් කරුණාකර අප හා එක්වන්න.

නිෂ්පාදන වගකීම් සහයක - පිරිමි

අප නිෂ්පාදන තත්ත්ව පාලනයන් සදහා අයදුම්කරුවන් සොයයි. නිෂ්පාදන වල ගුණත්වය හා පෝෂණය පිළිබද ඔබට අවබෝධයක් තිබිය යුතුය.

සමාජ මාධ්‍ය

අපගේ කණ්ඩායමට එක්වීමට අපි සමාජ මාධ්‍ය සහයකයකු සොයන්නෙමු. ඔබට ග්‍රැෆික්, ඉංග්‍රීසි හා සිංහල අන්තර්ගත ලිවීමේ කලා කුසලතා තිබිය යුතුය.

භාෂා - දෙමල

ආයතනයේ දෙමළ බසින් කටයුතු කිරීම සදහා දෙමළ, ඉංග්‍රීසි හා අවම සිංහල හැකියාව ඇති අයදුම්කරුවකු අප සොයයි. උතුරැ පළාත විශේෂයි.

භාෂා - යුරෝපියානු

අප විදේශීය භාෂා කතා කරන අපේක්ෂකයින් සොයනු ලබයි. විදේශීය භාෂාවන් අවබෝධ කර ගැනීම, ලිවීම, කථා කිරීම සහ පරිගණක දැනුම පිළිබඳ හොඳ දැනුමක් ඔබට තිබිය යුතුය.

විවෘත

අපත් සමග රැකියාවක් කිරීමට හා අත්දැකීම් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම්; අපට ලිවීමට පසුබට නොවන්න. අප සැමවිටම උද්යෝගිමත් විශ්වාසවන්ත නිර්මාණශීලි අයදුම්කරුවන් සොයන්නෙමු.

සීමාවාසික පුහුණු

ඔබේ ක්ෂේත්‍රය සඳහා සීමාවාසික පුහුණුවක් සොයනවාද? නැතහොත් අන්තර්ජාතික සමාගමක අත්දැකීම් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද, අප ආයතනයේ දේශීය හා විදේශීය උසස් සිසුන් සඳහා සීමාවාසික පුහුණු ලබා දේ. වැඩි විස්තර සදහා මෙහි සම්බන්ධ වන්න.

ඔබගේ ඊළඟ රැකියාව සඳහා ඔබ සොයන්නේ කුමක්ද?

සාර්ථකත්වය සදහා දැන්ම අයදුම් කරන්න

Main Menu